spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් සැරයන්ට බිමදාගෙන ගුටිදුන් දෙදෙනා අත්අඩංගුවට (ඡායාරූප)

මිහින්තලය – කල්ලංචිය පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනා ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි 24 සහ 39 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.

ත්‍රිකුණාමල මාර්ගයේ කරුවලගස්වැව විහාරස්ථානය ඉදිරිපිට වෙළඳසැළක් අසළ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් අදාළ පොලිස් සැරයන්වරයාට පහර දී තිබුණා.

පෙරේදා (23) දිනයේ දී මෙම පහරදීම සිදුකර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා කහටගස්දිගිලිය රෝහලේ මේ වනවිටත් ප්‍රතිකාර ලබනවා.

1 4
2 2
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?