පොලිස් කතකගේ “අක්ක නංගි බව” බැලූ තැබෑරුම් සේවකයා අත්අඩංගුවට

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට තැබෑරුමක සේවකයෙක් ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වින්දිත පොලිස් කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදික මාරුවක් අසල රාජකාරියේ යෙදී සිටියදී එම ස්ථානයට පැමිණි සැකකරු ” නංගි ද, අක්කා ද කියලා බලන්න මාස් එක ගලවන්නකෝ” යැයි පවසා ඔයා අපිත් එක්ක කතා කරන්න කැමැති නැද්ද ? ” ඔයා හරි ලස්සනයි” ආදී වදන් කියමින් ඇය අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා.

සැකකරුගේ ක්‍රියාවට අකමැත්ත ප්‍රකාශ කළ පොලිස් කාන්තාව ඔහුට එම ස්ථානයෙන් ඉවත් ඉවත්වන ලෙස දැනුම් දුන්නද ඊට අවනත නොවීම හේතුවෙන් දුරකථනය හරහා පොලිසියට සිද්දිය දැනුම් දී එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් ගෙන්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ රැකියාව කරන අම්බලන්ගොඩ පදිංචිකරුවෙක්.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධික්ෂණය මත ගල්කිස්ස රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29