පොරවකින් පහර දී 17 හැවිරිදි පුත්‍රයා, වැදූ මව ඝාතනය කරලා

පොරවකින් පහර දී 17 හැවිරිදි පුතා විසින් සිය මව ඝාතනය කළ පුවතක් අසල්වැසි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් ප්‍රදේශයෙන් පසුගිය ඉරිදා වාර්තා වනවා.

මව විසින් තම ජංගම දුරකථනයෙන් කිසියම් අයෙකුට කෙටි පණිවුඩයක් යවනු දැක, ඊට කෝපයට පත්ව පුත්‍රයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

17 හැවිරිදි පුත්‍රයා සිය 35 හැවිරිදි මවගේ හැසිරීම සහ චරිතය පිළිබඳව නිරන්තරයෙන් සැක කළ අතර, ඒ හේතුවෙන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බවයි අනාවරණය වුණේ.

අදාළ පුත්‍රයා ඉරිදා රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී, ඔහුගේ මව ජංගම දුරකථනයෙන් යමෙකුට කෙටි පණිවිඩයක් යවනු දැක ඒ පිළිබඳව කෝපයට පත්ව, පොරොවකින් ඇයට පහර දී තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ පවුලේ අනෙකුත් සාමාජිකයින් කිසිවෙකුත් නිවසේ සිට නොමැති අතර, ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව බිවන්ඩි හි ඉන්දිරා ගාන්ධි අනුස්මරණ රෝහල වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගතකරන විටත් ඇය මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඝාතනය සිදුකළ සැකකාර පුත්‍රයාට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 302 (ඝාතන) වගන්තිය යටතේ නඩුවක් ගොනු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41
Video thumbnail
ගහන එක ග#නවා ආයේ කුඩු වෙන්නම - ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ
03:24
Video thumbnail
ගම්මන්පිල කියන්නේ නාමල් හිඟන්නෙක් කියලද ?මොළේ පරික්ෂා කරගන්න
01:36
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02