පොඩි ලැසීගේ සිර මැදිරිය පිටුපසින් ජංගම දුරකථනයක් ඇතුළු උපාංග හමුවේ

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ජනිත් මධුෂංක නොහොත් පොඩි ලැසී භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක් සහ තවත් අමතර උපාංග කිහිපයක් සොයාගෙන තිබෙනවා.

එම බන්ධනාගාරයේ පොඩි ලැසී රඳවා සිටින සිර මැදිරිය පිටුපස සහ නාන ස්ථානයේ සඟවා තිබිය දී මෙම ජංගම දුරකථනයක් සහ අමතර උපාංග සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

බන්ධනාගාරය තුළ ඊයේ (08) දිනයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සොයාගත් මෙම ජංගම දුරකථනය තලා හානිකර තිබූ බවයි විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.

සොයාගත් මෙම භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27