Empty Ad
Empty Ad
AFC Banner

පොඩි ලැසීගේ සිර මැදිරිය පිටුපසින් ජංගම දුරකථනයක් ඇතුළු උපාංග හමුවේ

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ජනිත් මධුෂංක නොහොත් පොඩි ලැසී භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක් සහ තවත් අමතර උපාංග කිහිපයක් සොයාගෙන තිබෙනවා.

එම බන්ධනාගාරයේ පොඩි ලැසී රඳවා සිටින සිර මැදිරිය පිටුපස සහ නාන ස්ථානයේ සඟවා තිබිය දී මෙම ජංගම දුරකථනයක් සහ අමතර උපාංග සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

බන්ධනාගාරය තුළ ඊයේ (08) දිනයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සොයාගත් මෙම ජංගම දුරකථනය තලා හානිකර තිබූ බවයි විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.

සොයාගත් මෙම භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?