පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් අද(31) දින විරෝධතා පා ගමනක් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය මධ්‍යස්ථානයේ සිට ආරම්භ කළ අතර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් පේරාදෙණිය උද්භිද උද්‍යානය අසල පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ජීවන වියදම දරාගන්න බැහැ, අසාධාරණ ලෙස ඉහළ දැමූ වැටී බද්ධ වහා පහත හෙළනු, මර්ධනය නවතනු සියලු අධ්‍යයන සුභ සාධන ගැටළු වහා විසඳනු, නිදහස් අධ්‍යාපනය අවස්ථා වහා පුලූල් කරනු යන තේමාවන් යටතේ සිසුන් විසින් ශිෂ්‍ය පාගමන ආරම්භ කළා
