පෘථිවියේ වඩාත් ම රහසිගත ඡන්ද විමසීම මැයි 07 වැනිදා

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වැනිදා පවත්වන බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන් ගණන 135ක්.

ඉන් කාදිනල්වරු 53ක් යුරෝපයෙන්, 23ක් ආසියාවෙන්, 20ක් උතුරු ඇමරිකාවෙන්, 18ක් අප්‍රිකාවෙන්, 17 ක් දකුණු ඇමරිකාවෙන් සහ ඕෂනියාවෙන් හතර දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා.

ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් පාප්වරණයට එන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩු විය යුතු වනවා.

වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙසයි.

බාහිර ලෝකයෙන් දුරස්ව පැවැත්වෙන පාප්වරණය වෙනුවෙන් අද (28) සිට සිස්ටීන් දෙව් මැඳුර වසා දමා තිබෙනවා.

සුවිශේෂී වූ රතු ලෝගුවෙන් සැරසී ඡන්දය භාවිත කිරීමට එන කාදිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකාව පාප්වරයා තෝරාගැනීමෙන් පසු ගිනි තබා විනාශ කරනු ලබනවා.

1800 සිට එන එම සම්ප්‍රදායට හේතු වී ඇත්තේ, ඡන්දයේ රහස්‍යභාවය රැකගැනීම සහ දේශපාලන බලපෑම්වලින් පල්ලිය ආරක්ෂා කරගැනීම සඳහා යි.

එම ඡන්ද විමසීමෙන් අනතුරුව පාප්වරයෙකු තෝරාගත් බවට බාහිර ලෝකය දැනුම්වත් වන්නේ, ඡන්දය ප්‍රකාශ කළ පත්‍රිකා ගිනි තැබීමෙන් පිටවන දුමාරයෙන්ය.

ඒ අනුව, සිස්ටීන් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවුවහොත් කාදිනල්වරුන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන නව පාප්වරයෙකු තේරී පත් වූ බව සංකේතවත් කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31