AFC Banner
Empty Ad
Empty Ad

පුපුරණ ද්‍රව්‍ය තොගයක් කැලෑවක සඟවා තිබියදී සොයා ගනී

යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, අරියාලෛ වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කූරූ 51 ක ප්‍රමාණයක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් දෛනිකව විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අතරතුර උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් යාපනය, අරියාලෙයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ලඳු කැළෑවක් තුල සඟවා තිබූ සැකකටයුතු බෑගයක් නිරීක්‍ෂණය වූ අතර එය පරික්ෂා කිරීමේදී එම බෑගය තුල සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය කූරූ 51 ක ප්‍රමාණය සොයාගන්නා ලදි.

සොයාගත් පුපුරණද්‍රව්‍ය දීවරයින් විසින් නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙලෙස සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව සැකපලකරන අතර, එම පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?