spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගල ඝාතනයක් සිදුකර ඩුබායි පනින්න ගිය යුවළක් කටුනායක දී කොටුවෙයි

පුද්ගල ඝාතනය සිදුකර ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් කටුනායක ගුවන් තොටුපළේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ දී අදාල යුවළ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්තා වන්නේ.

ගල්කිස්ස ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර විදෙස් ගතවීමට උත්සහා කරන යුවළක් පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව මොවුන්ට එරෙහිව තාවකාලික ගුවන් ගමන් තහනමක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පනවා ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුව සැකකරු සහ සැකකාරිය ගුවන් තොටුපළ පොලීසි විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?