මම හිට් වුණේ සමාජ මාධ්‍ය හරහා

නිරූපණ ශිල්පිනියක් ලෙස කලාවට සම්බන්ධ වූ නිමාෂා වැන්ඩොට් වර්තමානය වන විට වඩාත් කතාබහට ලක්ව ඇත්තේ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටය. පසුගිය කාලයේ විවිධ කලා නිර්මාණ ඔස්සේද ප්‍රේක්ෂක ඔබ හමුවු ඇය මෙවර සාරවිට තරු කතාබහට අපි මෙසේ සම්බන්ධ කරගත්තේමු.

නිමාෂාව අපිට අඳුන්වලා දෙමුකෝ?

නිමාෂා කියලා කියන්නේ හරිම සරළ විදිහට ජිවත් වෙන්න කැමති තමන්ගේ ලඟින් ඉන්න අයට ගොඩක් ආදරේ කරන හා හැමෝටම පුළුවන් විදිහට උදව් කරන්න කැමති තමන් කරන වැඩේට උපරිමය දෙන්න කැමති පොළවේ පය ගහල ජිවත් වෙන කෙනෙක්. හැබැයි මාව කලා ක්ෂේත්‍රය තුළ නම් ගොඩක් අය දන්නේ නිරූපිකාවක් හා නිවේදිකාවක් විදිහට.

කලාවට සම්බන්ධ නොවුණා නම් ඔබ?

පුංචි කාලේ ඉඳලාම මම ආස කරපු දෙයක් තමයි නිවේදනය කියලා කියන්නේ. මට ඒකට හැකියාවත් යම් තරමකින් තියෙනවා. පුංචි කාලේ බලාපොරොත්තුවක් හිනයක් තිබුණා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නිවේදිකාවක් විදිහට වැඩ කරනවා කියලා. කොහොම වුණත් මට අවුරුදු පහ හය වෙන කොට ආසාව තිබුණේ ගුරුවරියක් වෙන්න. ඊට පස්සේ උසස් අධ්‍යාපනය ආරම්භ කරන කොට හිතුණා ඒ ඔස්සේ රැකියාවක් තෝර ගන්නවා කියන අදහස. තවමත් ඒ බලාපොරොත්තුව මට තියෙනවා. මොකද මම තවමත් අධ්‍යාපනය ලබමින් සිටින නිසා. නමුත්, මම දැන් කලාවට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉතින් මේ හැම දෙයක්ම සමබරව කරගෙන ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.

කලා ශිල්පිනියක් විදිහට ඔබ අද සාර්ථක වෙලා තියෙනවද?

සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවද කියන ප්‍රශ්නේට උත්තරය විදිහට මට දෙන්න තියෙන මම මේ වෙද්දි සාර්ථක වෙමින් පවතින ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා. සාර්ථක වෙන්න නම් මට මේ ගමන තුළ අත්දැකිම් ලබාගෙන තව බොහෝ දුර යන්න තියෙනවා. කොහෙම වුණත් මම හිතනවා මේ වෙද්දි මම කලා ක්ෂේත්‍රය තුළ යම් සාර්ථකත්වයක් අත්කරගෙන තියෙනවා කියලා.

ඔබ කලාවට සම්බන්ධ වුණේ නිරූපිකාවක් විදිහට. නමුත්, ඔබ දැන් ජනප්‍රිය නිවේදිකාවක් විදිහට නේද?

ක්ෂේත්‍රය තුළ මාව ගොඩ දෙනෙක් මුලින්ම අඳුන ගත්තේ නිරූපිකාවක් විදිහට. නමුත්, කුඩා අවදියේ මම නිවේදිකාවක් විදිහට තමයි ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වෙන්නේ. මම විශ්වාස කරන විදිහට මා තුළ යම් නිවේදනය හැකියාව යම්තාක් දුරට තියෙනවා කියලා. ඉතින් මම ඒක තව වර්ධනය කර ගත යුතුයි. මගේ හැකියාවට මේ වගේ ක්ෂේත්‍රයක වැඩ කරන්න ලැබිම ඇත්තටම ලොකු භාග්‍යයක් විදිහටයි මම දකිනවා. කොහොම වුණත් අද වෙන කොට මම මේ ක්ෂේත්‍ර දෙක තුළම කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

සමාජ මාධ්‍යයන් තුළ නිමාෂා ජනප්‍රිය කෙනෙක්ද?

සමාජ මාධ්‍යයන් තුළ ජනප්‍රියයිද කියන ප්‍රශ්නයට මට කියන්නේ තියෙන්නේ ඔව් මම තරමක් දුරට සමාජ මාධ්‍යයන් තුළ ජනප්‍රියයි කියන උත්තරේ. සමාජ මාධ්‍යයන් තුළ නිමාෂා වැන්ඩොට්ව දන්නවා. කොටින්ම කියනවා නම් සමාජ මාධ්‍යයන් තුළින් තමයි මාව ගොඩ දෙනෙක් අඳුනගත්තෙත්. හොඳ රසික ප්‍රතිචාර සමාජ මාධ්‍යයන් තුළින් මට හැම වෙලාවේම ලැබෙනවා.

ඉදිරියට එන්න තියෙන ඔබේ වැඩ කටයුතු මොනවද?

මම රංගනයෙන් දායක වුණ ගීත රූප රචනා කිහිපයක්ම ඉදිරියට එන්න තියෙනවා. ඒ තුළින් මාව මගේ ආදරණිය රසික, රසිකාවියන්ට බලාගන්න පුළුවන්. ඒ වගේම තවත් භාරගත්තු ගීත රූප රචනා කිහිපයක්ම තියෙනවා ඉදිරියට රූපගත කරන්න. නිරූපණ ක්ෂේත්‍රය තුළ සුපුරුදු පරිදි වැඩ කරගෙන යනවා. ඊට අමතරව මම දැනට රූපවාහිනි නාළිකා කිහිපයකම නිවේදිකාවක් විදිහටත් කටයුතු කරමින් සිටිනවා.

සටහන හ ඡායාරූප – බුද්ධික සේනාධීර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ඩෙංගු වෛරසය වෙනදට වඩා දරුණු තත්ත්වයක තියෙන්නේ - ඉක්කමනින් නිරෝගී පුද්ගලයින් රෝගී කරනවා
06:33
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ කියලා පන්නයි - හැටන් දික්ඔය නගර සභාව උණුසුම්
11:29
Video thumbnail
PUCSL එකට ගිහින් රටට වෙන්න යන විනාශය දයාසිරි හෙළිකරයි - විදුලි කප්පාදුවකට මුළු රටටම මුහුණ දෙන්න වෙයි
11:43
Video thumbnail
බොරලු කියලා පස් දාලා පාරවල් හදලා සංවර්ධනය කරනවා කියලා පෙන්නනවා
06:26
Video thumbnail
ඊයේ රෑ ගල්කිස්සේ වැරදුණු වෙ#ල්ලේ මෙන්න තවත් දර්ශන - වෙ#ක්කරුවන් එන හැටි
02:32
Video thumbnail
ගොවීන් ආණ්ඩුවේ ගුණ වයයි - අපි සතුටින් ඉන්නේ, කිසිම ප්‍රශ්නයක් නෑ
04:54
Video thumbnail
අපේ ඇමතිවරු කවුරුත් බංගලාවල නැහැ - දීපු පොරොන්දු ඉටුකරනවා
14:24
Video thumbnail
මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි හැමදාම සටන් කරනවා
04:13
Video thumbnail
උණ නම් වෙන වෙන ප්‍රතිකාර ගන්න එපා - රෝහලට යන්න
03:21
Video thumbnail
ජයටම කරගෙන ගංජා වගාවක් සමනලවැව පොලිසියෙන් වටලයි
01:32