spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන “වේරියන්ට්” යන්ත්‍රය අක්‍රීයයි

මහරගම අපේක්ෂා රෝහලේ ළමුන් ඇතුළු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන ”වේරියන්ට්” යන්ත්‍රය දින 08 ක සිට අක්‍රිය වී ඇති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අපේක්ෂා රෝහලේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් නිකුත් කල ලිපියක් උපුටා දක්වමින් පැවසුවේ අදාළ යන්ත්‍රය සකස් කිරීමට සේවා ගිවිසුමට අනුව නොමිළේ ගෙන්වූ අමතර කොටස් පසුගිය සිකුරාදා (17) සිට රේගු තාක්ෂණික ගැටලු මත නිදහස් කර ගැනීමට නොහැකිව තිබෙන බවයි.

මේ හේතුවෙන් අද දිනයේදී පමණක් ළමුන් 24 දෙනෙකුට ප්‍රතිකාර ලබා දීමට නොහැකි තත්වයක් මත්වූ බවත් යන්ත්‍රය අක්‍රිය වීමෙන් රෝගීන් 100 කට ආසන්න පිරිසක් පිඩාවට පත්ව සිටින බවත් ප්‍රකාශ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?