පිහියක් රැගත් පුද්ගලයකු පුද්ගලයන් රැසකට පහරදීමේ පුවතක් තංගල්ලෙන් වාර්තා වෙනවා
තංගල්ල නගර මධ්‍යයේ වෙලදසැලක් අසල සිටි පුද්ගලයකුට පිහියක් රැගෙන විත් පුද්ගලයකු පහර දෙන අතර එම පහරදීම නවතා දැමීම සදහා මැදිහත් වන පුද්ගලයන් හට ද එම පුද්ගලයා පහර දෙන ආකාරය අසල වෙලදසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබේ.
එම පහරදීම නිසා එක් අයෙක් තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදීම සිදු කළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
කිසිදු හේතුවක් නොමැතිව එක් වරම මෙම පුද්ගලයා අසභ්‍ය වචන පවසමින් මෙම පහර දීම සිදු කර තිබේ.
මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
