පිටුවහල් කිරීමට සිටි විදේශිකයන් පිරිසක් රාජ්‍ය ඇමතිගේ ඉල්ලීමෙන් නිදහස්

වංචනික ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කිරීම හේතුවන් පිටුවහල් කිරීමට රඳවා ගැනුණු කළ චීන ජාතිකයෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනා රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ ලිඛිත ඉල්ලීම මත නිදහස් කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා.

රාජ්‍ය ඇමතිවරයාගේ ඉල්ලීමට අනුව ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මහතා විසින් දෙන ලද උපදෙස් මත මොවුන් නිදහස් කර රට තුළට ඇතුළු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටීම හමුවේ ඔවුන් පැමිණි ගුවන් යානයකින් පිටුවහල් කිරීම සදහා මෙම විදේශිකයන් රඳවා තබා ගැනීමේ කුටියක සිටියදී ඔවුන් නිදහස් කරන ලෙසට අරුන්දික ප්‍රනාන්දුගේ ඉල්ලීම ලැබී ඇතැයි සඳහන්.

පසුගිය (18) වනදා දින රාත්‍රී 09.50 ට මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඩුබායි රාජ්‍යයේ සිට එමිරේට්ස් ගුවන් සේවයේEK- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එලෙස ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් නිශ්කාශන කටයුතු සඳහා ආගමන විගමන නිලධාරීන් හමුවට පැමිණි ඇති අතර එහිදී මෙම කණ්ඩායමේ ප්‍රධාන චීන ජාතිකයා අප්‍රිකාවේ “ගිනි” රාජ්‍යයේ වංචනික ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එම පුද්ගලයා ඩුබායි සිට කටුනායක දක්වා පැමිණීමට භාවිතා කර ඇත්තේ ද එම ගුවන් ගමන් බලපත්‍රයයි.

එහෙත් කටුනායක ගුවන් තොටුපළේ දී එම ගුවන් ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමෙන් පසුව මොවුන් තිදෙනා එක්ව ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබෙනවා.

එහිදී ආගමන විගමන නිලධාරීන්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර ආපසු පිටුවහල් කිරීම සඳහා “රැදවුම් කුටිය” වෙත යොමු කර තිබුණා.

එම අවස්ථාවේදීත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබූ අතර මෙම ගුවන් මගීන් අල්ලස් දීමට ද තැත් කර තිබූ බවටයි ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

පසුව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් නිකුත් කර ඇත්තේ මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින්.

ඒ අනුව ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඊයේ (20) දින අලුයම 01.00ට ශ්‍රී ලංකාව තුළට පැමිණීම සඳහා නිදහස් කර තිබෙනවා.

මේ ආකාරයට ගුවන් තොටුපළ තුළ සහ එහි වැසිකිළි තුළ සැඟවෙමින් කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර මත ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීම පිළිබඳව ආගමන විගමන නිලධාරීන් සිය මවිතය පළ කරනවා.

Arundika Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
6
+1
5
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56