spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පා පැදි සොරාගෙන අලෙවි කළ කත අනුරපුරේ දී මාට්ටු

අනුරාධපුර නගරයේ වෙළඳසැල් ඉදිරිපිට නවතා තිබූ පා පැදි සොරාගත් කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර, පුබුදුපුර ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර කාන්තාව පසුගිය මැයි සහ ජූලි මාසය දක්වා කාලය තුළ අනුරාධපුර නගරයේ විවිධ ස්ථානවල නවතා තිබූ පා පැදි 12ක් පමණ මෙලෙස සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස සොරාගත් පා පැදි නිවසට රැගෙනවිත් වෙනත් වර්ණයක් ගල්වා විවිධ මිල ගණන්වලට අලෙවි කර ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

මාස කිහිපයක සිට නගරයේ සිදු වූ පා පැදි සොරකම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසියට සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අදාල කාන්තාවගේ ස්වාමියා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවට හඳුනාගෙන ඇති අතර සොරකම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?