පාස්පෝට් 04ක් ව්‍යාපාරික කතගේ සාරි අස්සේ – කටුනායකට එද්දී අල්ලලා

ගුවන් ගමන් බලපත්‍ර 04ක් නීති විරෝධී ලෙස සාරි තොගයක් තුළ සඟවාගෙන ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව අද (21) අලුයම ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 126 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය විසින් රැගෙන විත් තිබූ සාරි තොගයක් තුළ සඟවා තිබිය දී මෙම ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍ර 04 පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම ගුවන් ගමන් බලපත්‍ර මඟින් යුරෝපය වෙත පැන යාම සඳහා ඒවා මිනිස් ජාවාරම්කරුවන්ට ලබාදීමේ සැලසුමක් යට‍තේ රැගෙන එන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව ගුවන් ගමන් බලපත්‍ර 04 සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27