spot_imgspot_img

පාස්පෝට් 04ක් ව්‍යාපාරික කතගේ සාරි අස්සේ – කටුනායකට එද්දී අල්ලලා

ගුවන් ගමන් බලපත්‍ර 04ක් නීති විරෝධී ලෙස සාරි තොගයක් තුළ සඟවාගෙන ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව අද (21) අලුයම ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 126 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය විසින් රැගෙන විත් තිබූ සාරි තොගයක් තුළ සඟවා තිබිය දී මෙම ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍ර 04 පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම ගුවන් ගමන් බලපත්‍ර මඟින් යුරෝපය වෙත පැන යාම සඳහා ඒවා මිනිස් ජාවාරම්කරුවන්ට ලබාදීමේ සැලසුමක් යට‍තේ රැගෙන එන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව ගුවන් ගමන් බලපත්‍ර 04 සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?