spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් යළි කැඳවන ලෙස නියෝග

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ඇතුලූ කිහිපදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දුන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සැප්තැම්බර් මස 15 වන දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම්වලට සම්බන්ධ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මෝසම් කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව අදාළ පෙත්සම් සැප්තැම්බර් මස 15 වනදා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතව තිබෙනවා.

පසුගිය ජනවාරි මස 12 වනදා එම පෙත්සමවල තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවයි.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 100ක් ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවය ප්‍රධානීන් නිලන්ත ජයවර්ධන යන අය විසින් රුපියල් මිලියන 75 බැගින් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණා.

එම වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මෙම පෙත්සම් යළි කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?