spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු නඩුවේ විත්තිකරුවන්ට චෝදනා කියවා දීම අදත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනා කියවා දීම අද තුන්වන දිනටත් සිදු කෙරුණා.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන් ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම චෝදනා කියවා දීම සිදු වූයේ.

කටුවාපිටිය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානවලට එල්ලවූ බෝම්බ ප්‍රහාර සිද්ධීන්වලට අදාළ චෝදනා කියවා දීම අද සිදු වී තිබෙනවා.

ඉන් අනතුරුව වැඩිදුර චෝදනා කියවා දීම ජුලි මස 11 වනදා දක්වා කල් තැබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?