spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සිසුවියක් දිවා ආහාරයට කළටි පොල්මද රැගෙන ආ සිද්ධිය ගැන විශේෂ නිවේදනයක්

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරය කළටි පොල්මද රැගෙන ආ බවට මාධ්‍ය වල වාර්තා වූ පුවත සම්බන්ධයෙන් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය මඟින් ඔහු දන්වා ඇත්තේ සිය අධ්‍යාපන කලාපයේ කිසිඳු පාසලක එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවට සනාථ කරගත් බවයි.

දිවා ආහාරය සඳහා පොල් මඳ ආහාරයට ගැනීම සම්බන්ධයෙන් තමන් සොයා බැලීමක්ද කළ බවයි ඔහු වැඩිදුරටත් එම නිවේදනය මඟින් දන්වා ඇත්තේ.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසලක ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරය සඳහා පොල් මඳ රැගෙන ආ බවට ඊයේ (21) වාර්තා වුණා.

පාසලේ විවේක කාලය තුළ අදාල සිසුවිය මිතුරියන් සමඟ එක්ව කළටි පොල් මද ආහාරයට ගන්නා ආකාරය දැක ඇත්තේ පංති භාර ගුරුතුමිය විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?