පාසල් සිසුවියක් දිවා ආහාරයට කළටි පොල්මද රැගෙන ආ සිද්ධිය ගැන විශේෂ නිවේදනයක්

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරය කළටි පොල්මද රැගෙන ආ බවට මාධ්‍ය වල වාර්තා වූ පුවත සම්බන්ධයෙන් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය මඟින් ඔහු දන්වා ඇත්තේ සිය අධ්‍යාපන කලාපයේ කිසිඳු පාසලක එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවට සනාථ කරගත් බවයි.

දිවා ආහාරය සඳහා පොල් මඳ ආහාරයට ගැනීම සම්බන්ධයෙන් තමන් සොයා බැලීමක්ද කළ බවයි ඔහු වැඩිදුරටත් එම නිවේදනය මඟින් දන්වා ඇත්තේ.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසලක ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරය සඳහා පොල් මඳ රැගෙන ආ බවට ඊයේ (21) වාර්තා වුණා.

පාසලේ විවේක කාලය තුළ අදාල සිසුවිය මිතුරියන් සමඟ එක්ව කළටි පොල් මද ආහාරයට ගන්නා ආකාරය දැක ඇත්තේ පංති භාර ගුරුතුමිය විසින්.

  1. හැමෝම කියන්නෙ බොරු. ඇත්තක් උනත් මේ දේශපාලනයට ඕනි විදියට බොරු කරනව. ඇත්ත කියන එකා දේශද්‍රෝහිය කරනව. වලපල්ලට දිනෙන් දිනම යාම ඉතින් අහන්නත් දෙයක්යැ.

  2. කලාපයෙන් කරන බොරු අපි නොදන්නවයැ…
    කලාපෙන් එන දවස් වලට ළමයින්ට අනිවාර්යෙන්ම කෑම ගේන්න කියනවා මාළු තුනක් එක්ක.

    එහෙම ගේන්න බැරි ළමයින්ට ඉස්කෝලේ එන්න එපා කියනවා…අපි නොදන්නවයැ. අපේ ළමයිනුත් ඉස්කෝලෙ යනවනෙ…

    පව් ලමයි.. උන් කරන්නෙ බොරුව

  3. lankawe gon buru ‘madya’ kunu godak. iwak bawak nathi boru saha mada prachaara arenna kisima sadharana pravurthiak na. kisima soyaa baleemak na – modayinge ‘voice-cut’ thamayi egollan ‘news’ hatiyata danne. desapaaluwo wagema maadyath ratatama vinayak welaa



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56