පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ – ජනපති (වීඩියෝ)

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇඟයීම සඳහා සම්බන්ධ වු කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දී තිබෙනවා.

එම කටයුතු සඳහා සහභාගී නොවුනහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

ඔහු අවධාරණය කළේ පසුගිය වසරේ උත්තර පත්‍ර පරීක්ෂාවට පැමිණි පාර්ශවයන් මෙවර සහභාගී නොවන්නේ නම් ඔවුන්ගේ දේපළ පවරා ගැනීමට ද කටයුතු කරන බවයි.

පසුගිය වසරේ උත්තර පත්‍ර පරීක්ෂා කළ කණ්ඩායමේ සේවය මෙවර ද ඊට ලැබිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමු කර ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන බලාධාරින්ට දැනුම් දී තිබෙනවා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ වල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණා.

උසස්පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන් අතරින් අවම වශයෙන් වසරකට සිසුන් සිව් දෙනෙකු හෝ ඔක්ස්පර්ඩ්, කේම්බ්‍රිජ් හා හාවඩ් වැනි විදේශීය විශ්වවිද්‍යාල වල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා වාර්ෂිකව එම සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට ද එම අවස්ථාව ලබාදීමටත්, තාක්ෂණික විෂයන් සඳහා සිසුන් වැඩි පිරිසක් යොමු කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරුණා.

උසස් පෙළ අධ්‍යාපනය සහිත පාසල්වලට සහ අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් ඇති සියලු පාසල්වලට වසර දෙකක් තුළ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට (TRC) උපදෙස් දී තිබෙනවා.

වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක් බිහිකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ සඳහා සුදුසු කමිටුවක් පත් කර ගනිමින් වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙසටයි ද දැනුම් දුන්නේ.

එමෙන්ම 350කට අධික රජය යටතේ පාලනය වන තාක්ෂණ සහ වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කරනු ලැබුවා.

පවතින කම්කරු නීති කම්කරුවන්ට බලපාන මූලාශ්‍ර රැසකින් සමන්විත වන බැවින් ඒ වෙනුවට ඒකාබද්ධ තනි කම්කරු නීතියක් (Unified Labor Law) සකස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත එළැඹෙන මැයි මාසය වන විට ඉදිරිපත් කරන ලෙසටයි කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේ.

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කර ඇති නැගෙනහිර පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය ඇමති සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අනු කමිටුවේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

https://www.youtube.com/watch?v=Hm8rbKN3EFU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..ස්වාධින කොමිසමත් ජනපතිට බයද ?
05:51
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:53
Video thumbnail
ඊළඟ ජනපති නාමල් කියලා දැන් හිරගෙවල්වලත් කියනවා
06:00
Video thumbnail
දැඩි වුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..කොළඹ ආශ්‍රිතව මිලිමීටර් 200ක වර්ෂාපතනයක්
04:50
Video thumbnail
මරික්කාර් මහින්දට සැරටම කියයි - වැරදි කළා නම් මුහුණ දෙන්න ඕනේ
02:25
Video thumbnail
NBRO නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවත් දීර්ඝ කරයි..මෙන්න අවදානම් දිස්ත්‍රික්ක
02:11
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56