spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සිසුන් කෙළෙසූ ගාල්ලේ කපුවා යළි රිමාන්ඩ්

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උණවටුන, මැටරඹ දේවාලයේ කපුවා අද (23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර කපුවා ලබන මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

සැකකාර කපුවා අද දින අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථවේ දී අධිකරණය අසළ සාමකාමී විරෝධතාවක් ද පැවැත් වුණා.

ගාල්ල සහ කොළඹ ප්‍රදේශවල වයස අවුරුදු 09ත් 15ත් අතර දරුවන් කිහිප දෙනෙකු වට්සැප් තාක්ෂණය මඟින් පොළඹවාගෙන අපයෝජනය කර ඇති බවට අනාවරණය වීමත් සමඟ සැකකාර කපුවා පසුගිය 10 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?