spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ක්‍රිකට් තරඟය වෙනුවෙන් ගිය රථ පෙළපාළිය පොලිසියට

ජනප්‍රිය පාසල් දෙකක් අතර පැවතුන ක්‍රිකට් තරඟයක් වෙනුවෙන් රථ පෙළපාළියක් ගමන් කර මහජනතාවට පීඩාකාරී ලෙස අධික ශබ්ද සහිතව අන්තරාකාරී ලෙස ධාවනය කළ කාර් රථ දෙකක්,වෑන් රථයක්,සහ යතුරුපැදි 09ක් මොරටුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් යතුරු පැදි පරික්ෂා කිරීමේදී අන්තරාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදි 02ක්,අංක තහඩු නොමැතිව ගමන් කළ ඉතුරු පැදියක්,සහ අධික ශබ්ද සහිත යතුරු පැදි සහ අධිබලැති යතුරුපැදි 03ක් හඳුනාගෙන තිබෙනවා.

මොරටුව පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් ප්‍රකාශ කළේ එම යතුරු පැදි ඊයෙ (27) දින මොරටුව නගරය පුරා ධාවනය කළ අතර අධික ශබ්ද සහිතව ධාවනය කිරීම මහජනතාවට පීඩාවක් සිදු වන බව මොරටුව පොලීසියට ජනතාව කළ දැනුවත් කිරීමෙන් පසුව මෙම යතුරුපැදි අත්අඩංගුවට ගත් අතර යතුරු පැදි වල අවශ්‍ය ලියකිවිලි තිබේ දැයි පරීක්ෂාකර එම යතුරු පැදිවල හිමිකරුවන්ට විරුද්ධව අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී යතුරු පැදි හිමිකරුවන්ට නඩු පවරන බව මොරටුව පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?