පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු වසර දෙකක මන්ත්‍රී වැටුප හා අනෙක් සියලු දීමනා ජනතාවට ලබා දෙයි

වර්ෂ 2020 පැවති මහ මැතිවරණයේදී මාතොට ගොඩනගන නිල්වලා දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි, මාතොට ගොඩනඟන වැඩසටහන යටතේ මන්ත්‍රීවරයකු ලෙස හිමි සියලුම දීමනාව නැවත ජනතාව වෙත ලබා දීමට ඇති කරගත් එකඟතාව යටතේ පසුගිය වසර දෙක හමාරක පමණ කාලය තුළ මන්ත්‍රීවරයෙකු වශයෙන් ලද සියලුම දීමනා ජනතාව වෙත ලබාදීමේ අවස්ථාව අද(18) අකුරැස්සේ දී පැවැත්විණි.

ඒ අනුව පසුගිය කාලසීමාව තුළ මන්ත්‍රීවරයෙකු වශයෙන් ලද වැටුප සහ දීමනා 7,357,864 .00 ක්. කාර්ය මණ්ඩල වැටුප් 498,080.00 ක් ඇතුලු ලක්ෂ එකසිය විස්සකට ආසන්න මුදලක් මාතර දිස්ත්‍රික්කයේ ස්වෙච්ඡා සංවිධාන දෙසිය විස්සක් (220) අතරේ බෙදා දීම සිදුවිය. මෙහි පළමු පියවර යටතේ අකුරැස්ස අතුරලිය මාලින්බඩ ප්‍රාදේශීය බල ප්‍රදේශ ආවරණය වන පරිදි ස්වේච්ඡා සංවිධාන තෝරාගෙන තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්