පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක් (වීඩියෝ)

සමාජවාදී තරුණ සංගමය පොල්දූව වටරවුමේ අද සංවිධාන කර ඇති විරෝධතාවය මහජන පීඩාවන් ඇතිවන ආකාරයෙන් පැවැත්වීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසළ අද විරෝධතාවක් පැවැත්වුණා.

පොල්දූව වටරවුමේ සංවිධානය කර ඇති විරෝධතාවය මහජන පීඩාවන් ඇති වන ආකාරයෙන් පැවැත්වීම වළක්වමින් සමාජවාදී තරුණ සංගමයට වාරණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබෙනවා.

ඒ, වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය ප්‍රකාරව උද්ඝෝෂණය වැළැක්වීමේ වාරණයක් නිකුත් කරන ලෙස ස්ථානාධිපතිවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, අද පෙරවරුවේ පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසලට රැස් වූ සමාජ ක්‍රියාකාරීන් විසින් විරෝධතාවක් පවත්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56