spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක් (වීඩියෝ)

සමාජවාදී තරුණ සංගමය පොල්දූව වටරවුමේ අද සංවිධාන කර ඇති විරෝධතාවය මහජන පීඩාවන් ඇතිවන ආකාරයෙන් පැවැත්වීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසළ අද විරෝධතාවක් පැවැත්වුණා.

පොල්දූව වටරවුමේ සංවිධානය කර ඇති විරෝධතාවය මහජන පීඩාවන් ඇති වන ආකාරයෙන් පැවැත්වීම වළක්වමින් සමාජවාදී තරුණ සංගමයට වාරණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබෙනවා.

ඒ, වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය ප්‍රකාරව උද්ඝෝෂණය වැළැක්වීමේ වාරණයක් නිකුත් කරන ලෙස ස්ථානාධිපතිවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, අද පෙරවරුවේ පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසලට රැස් වූ සමාජ ක්‍රියාකාරීන් විසින් විරෝධතාවක් පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?