spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුවේ ජනපති ආසනයේ ලාංඡනය ගැලවෙයි

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කර තිබෙනවා.

‘අතිගරු’ යන නාමය, ජනපති ධජය සහ ජනපති ලාංඡනය භාවිත නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයත් සමඟ මෙය ඉවත් කිරීමට සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඒ, වෙනුවට පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවට තොරතුරු වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ මෙතෙක් පැවතියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සකස් කෙරුණු ලාංඡනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?