පාදයේ ඇඟිලි පිහිටන ආකාරයෙන් අනාගතය ගැන දැන ගන්න

යම් ස්ත්‍රියකගේ පාද අඳුරු පැහැයෙන් හා කුල්ලක හැඩයෙන් යුතුවෙයි’ද පා ඇඟිලි අපිළිවෙළින් විසිරුණු ස්වභාවයෙන් පිහිටා ඇත්තේද නියපොතු කුලුවල පිට ඇති ආකාරයෙන් ද පිහිටා ඇත්තේ නම් එම ස්ත්‍රීහු වාසනාවන්ත නොවෙති. දාසියක් හා සමානව ජීවිත කාලය තුළට දුක් විඳින්නීය. උගතුන්ගෙන් යුක්ත පවුලක හෝ ධනවත් පවුලක හෝ උපත ලැබුවත් ඇය කම්කරු ස්ත්‍රියකගේ ස්වභාවය පෙන්නුම් කරයි. පහත් තත්ත්වයේ සිටින පුරුෂයින්ගේ ඇසුර පි‍්‍රය කරන්නීය.

කෙනකුගේ ශරීරයේ අඟපසඟවල පිහිටීම අනුව ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ පිළිබඳව අනාවැකි පැවසීම දේහ ලක්ෂණ විද්‍යාව ලෙස සැලකේ. අතීතයේ විසූ ඍෂිවරු විසින් ස්ත්‍රියකගේ පා ඇඟිලිවල පිහිටීම හා ප්‍රමාණය ආදිය පරික්ෂාකොට ඔවුන් ගේ ජීවිත පිළිබඳව විවිධාකාර රහස් හෙළිකරනු ලැබිණ. මේ ලිපියෙන් විස්තර කරනුයේ එවන් ලක්ෂණ පිහිටීමෙන් හෙළිවන ඔවුන්ගේ ජීවිත තොරතුරු පිළිබඳවයි.

යම් ස්ත්‍රියකගේ පාද අඳුරු පැහැයෙන් හා කුල්ලක හැඩයෙන් යුතුවෙයි’ද පා ඇඟිලි අපිළිවෙළින් විසිරුණු ස්වභාවයෙන් පිහිටා ඇත්තේද නියපොතු කුලුවල පිට ඇති ආකාරයෙන් ද පිහිටා ඇත්තේ නම් එම ස්ත්‍රීහු වාසනාවන්ත නොවෙති. දාසියක් හා සමානව ජීවිත කාලය තුළට දුක් විඳින්නීය. උගතුන්ගෙන් යුක්ත පවුලක හෝ ධනවත් පවුලක හෝ උපත ලැබුවත් ඇය කම්කරු ස්ත්‍රියකගේ ස්වභාවය පෙන්නුම් කරයි. පහත් තත්ත්වයේ සිටින පුරුෂයින්ගේ ඇසුර පි‍්‍රය කරයි. යහපත් පිරිමින්ට පි‍්‍රය මනාප අයුරින් සිටීමට හෝ ක්‍රමානුකූලව ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටීමට හෝ පි‍්‍රය නොකරයි. කලඑලියට පැමිණීම වෙනුවට ගේ තුළටම වී සිටීමට පි‍්‍රය කරන්නීය. සුළු ශාරිරික වේදනාවක් වුවත් විද දරා ගැනීමට අපහසුය. ඔවුන්ගේ විවාහ ජීවිතය ද සාර්ථක නොවේ. ශිල්ප ශාස්ත්‍ර තරමක් දුරට හෝ අධ්‍යාපනය ලැබුවත් ඇය උගත්කම පිටතට ප්‍රදර්ශනය නොකරන්නීය.

යම් ස්ත්‍රියකගේ පාදය සිනිදුවද. වටවූ ස්වභාවයෙන් හා රෝස පැහැයෙන් යුක්ත වූයේ නම් ඇය බොහෝ සම්පත් ලැබීමට වාසනාවන්තය. පා පිට නිර්මල ද නෙළුම් පෙති පියන්සේ මොලොක්ව ද වූයේ නම් ඇයද ඉතා වාසනාවන්තය. පාදයේ දෙවෙනි ඇඟිල්ල මැදඟිල්ලට වඩා මදක් දික්ව පොළොව ස්පර්ශ කරයි නම් යහපත් වාසනාවන්ත දරුවන් හිමිව සැපවත් දිවියක් ලබන්නීය.

දික් සහිත පා හිමිවීමද වාසනාවන්තය. කෙටිපාද කපටිකම හා වංචනික බව හෙළිකරයි. සුළඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා උස නම් ඇය දුරාචාරයේ යෙදෙන්නිය. පය සම්පූර්ණයෙන්ම බිම නොවදින්නේ නම් ඇය හිතුවක්කාරය. බිම වදින්නේ නම් යහපත්ය. පය කකුළුවකුගේ මෙන් නම් ඇයට මෙහෙකාර වෘත්තියේ යෙදීමට සිදුවෙයි. පයේ ඇඟිලි වැඩිනම් බොහෝ දරුවන් ලබන්නිය. පාදයෙහි පතුල මැද නැවී උඩට නෙරා පිහිටියේ නම් පය බිම තැබූවිට දෙපැත්ත පෙනෙන කුහරයක් සේ පිහිටියේ නම් ඇය දිවි ඇතිතෙක්ම දිලින්දියක් ලෙස දිවි ගෙවන්නීය.

ගමන් කරන විට එක් පාදයක් ඇලකර තබමින් හෝ පය බිම අද්දමින් හෝ එම දෙයාකාර යෙන්ම හෝ ගමන් කරන ස්ත්‍රිය මවගෙන් හෝ පියාගෙන් ප්‍රසාදයක් නොලබයි. තරුණ වියේදීම ඇය අනාචාරයට පෙළඹෙයි. විවාහපේක්ෂාවෙන් ඇසුරු කළ පිරිමිද ඇය අතහැර යති. කෙතරම් ඉගෙනීම ලැබුවත් ඉන් ඇය ප්‍රතිඵලයක් නොලබයි. විවාහයට පත්වූවත් ජීවිතය සාර්ථක නොවේ.

යම් ස්ති‍්‍රයකගේ කෙණ්ඩා යුගලය මනාසේ පරිපූර්ණව පැහැපත් ඡවි වර්ණයෙන් යුක්තවීම . ලෝම රහිතව ලේ ශිරා මතුවී නොපෙනීම, දෙදන එක සමානවීම ද, යහපත්ය. ඇයගේ පය ඇගිලි එක පිට එක ගැසුනාවූ වේ නම් ඉතා අසුභය. ඕ තොමෝ සිය සැමියා නසා වෙනත් හිමියන් සමඟ සතුටු වෙන බව කියැවේ. බොහෝ විට වෛශ්‍යාවන්ගේ පා ඇඟිලි මේ අයුරින් පිහිටා ඇතැයි කියනු ලැබේ. පාදයේ නිය සිනිදුව වටවූ ස්වභාවයෙන් හා තඹ වර්ණයෙන් යුක්තවූයේ නම් ඇය බොහෝ සම්පත් ලබන්නීය.

පාද නැමුණු ආකාරයෙන් වූයේ නම් ඇය සදාකල්හිම දිලිඳු බවින් කල් ගත කරන්නීය. පා ඇඟිලි ඝනව මහපට ඇඟිල්ලේ සිට සුළඟිල්ල දක්වා ක්‍රමයෙන් කෙටිවී පිහිටීම ද ඉතාමත් සුභ ලක්ෂණයකි. යටිපතුල් රත් පැහැවීමත්, එහි රේඛා අතර මත්ස්‍ය රුප, වී ඇට දියමන්ති . නගුල, කඩුව යනාදී රූපසටහන පිහිටා තිබීම රජ බිසවකට සමාන සැප සම්පත් ලැබීමට හේතු වනු ඇත.

මහපට ඇඟිල්ල දික්ව, මහත්වී තද ගතියෙන් යුක්ත නම් ඇය එඩිතරය. අහංකාරය. වැඩිදෙනාගේ අප්‍රසාදයට ලක්වේ. එහෙත් සැප සම්පත්වලට උරුමකම් කියන්නීය. රත්පැහැයෙන් යුතු ඇඟිලි පෙල පොළොවේ ස්පර්ශ වේනම් ඇය විවිධ වූ සම්පත්වලට හිමිකම් කියන්නීය. රාජ්‍ය සම්මාන පවා හිමිවේ. රජ බිසවක් සේ සම්පත්තීන් ලබයි.

අනාමික ඇඟිල්ල හෙවත් පයේ දෙවෙනි ඇඟිල්ල මසින් පිරි මහපට ඇඟිල්ල දෙසට නැඹුරුවූයේ නම් දෙමාපිය වැඩිහිටියන්ගේ නොමද ගෞරවයට ලක්වේ. චරිතය නොකැළැල්ය. කුල සිරිත් ආරක්ෂා කරගනී. ස්වාමිපුරුෂයාගේ නොමද ආදරය ලබයි. සැපවත් යුග දිවියක් හිමිය. පතිභක්තියෙන් යුක්ත වන්නීය. අනාමික ඇඟිල්ල හා මහපට ඇඟිල්ල වඩා දිග්ව සිහින්ව පිහිටියේ නම් සැමියා සමඟ නිතර අඩදබර කරන්නීය. ඔහුව පාලනය කරන්නිය. අනාමික ඇඟිල්ල මැදඟිල්ලට වඩා මදක් දිග්ව පොළොව ස්පර්ශ කරයිනම් යහපත් දූ දරුවන් මෙන්ම සැපවත් ජීවිතයක් ද හිමිවෙයි.

මුල් ඇඟිලි තුනෙහිම තද කාලවර්ණ රෝම පිහිටියේ නම් දුක් දොම්නස් නිතර ඈ සොයා පැමිණේ. විවාහය ද සැපවත් නොවන අතර, පවුලේ සාමය සමගිය ඔවුනට අහිමිය. ගමනේදී ඇඟිලි තුළින් ශබ්දයක් බිහිවේ නම් ජීවිතයේ සැඳෑ සමයේ දුක්විඳීමට හේතුවේ.

පිරිමියෙකුගේ පාදවල ඇඟිලි කෙටිවීම ශුභ නොවේ. ඒවා සමදිගින් පිළිවෙලට පිහිටා තිබීම යහපත්ය. ඇඟිලි අතර ලොකු හිඩැස් ඇත්තේනම් හෙතෙම ගෘහ සේවකයකු වන බවට සලකුණක් සේ සලකයි. කෙනකුගේ දෙවෙනි ඇඟිල්ල පළමු ඇඟිල්ලට වඩා දිගනම් ඔහුට තමාගේ භාර්යාව ද අහිමිවීමට ඉඩ ඇත. එය පළමු ඇඟිල්ල හා දිගින් සමවේ නම් යහපත්ය. තුන්වෙනි ඇඟිල්ල දිග නම් ඉගෙනීමේ කටයුතුවලට වඩාත් නැඹුරු වේ. එය දෙවෙනි ඇඟිල්ලට වඩා කෙටිනම් හෙතෙම පරදාර සේවයේ යෙදෙන්නකු වෙයි. පළමු ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ලට වඩා දිගුවේ නම් ඔහු සතුටින් කල්ගෙවන මහා සම්පත් ඇත්තෙකු වෙයි. දෙවෙනි ඇඟිල්ල බොහෝ සේ දිගුනම් එවැනි සමාජයේ අවමානයට ලක්වේ.

මාපට ඇඟිල්ලක් පළමු ඇඟිල්ලත් අතර විශාල පරතරයක් ඇත්තේ නම් හේ පුළුල් හදවතක් ඇත්තෙකි. එම පරතරය දෙවෙනි ඇඟිල්ලත් තුන්වෙනි ඇඟිල්ලත් අතර වේ නම් ඔහු අලුත් අදහස් ඉදිරිපත් කිරීමේ සමතෙකි. එම පරතරය තුන්වෙනි ඇඟිල්ලත් හතරවෙනි ඇඟිල්ලත් අතර වේ නම් ඔහු ක්‍රියාවෙන් නිදහස් අයෙකු වන අතර ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නෙකු වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16