පාතාල සාමාජිකයා ගල් කොරියකට වැටී මරුට

පාතාල සාමාජිකයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.ඔහු අංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන් ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ අයෙක්.

මිය ගොස් ඇත්තේ, ශිරාර් හෙවත් තුවාන් නමැති පුද්ගලයා බව යි වාර්තා වන්නේ.කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ සොයා ගැනීමට රැගෙන ගිය අවස්ථාවේ දී ගල් කොරියකට වැටී මොහු මියගොස් ඇති බව විශේෂ කාර්‍ය බලකාය සඳහන් කරනවා