spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාඨලීට පැනවූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් වෙයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසිනුයි එම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, තරුණයෙකු බරපතළ අනතුරට ලක් කිරීම, සාක්ෂි සැඟවීම ඇතුළු අධි චෝදනා යටතේ පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණු කළ නඩුවකට ඇප නියම කළ අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට මහාධිකරණය නියම කර තිබුණා.

අද පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයාට සිය දියණිය දැක බලා ගැනීම සඳහා කැනඩාවට යාමට අවශ්‍ය වී තිබෙන බවයි.

ඒ සඳහා දැනට පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළ ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මැයි මස 13 වනදා සිට සැප්තැම්බර් මස 23 වනදා දක්වා කාලසීමාව තුළ පාඨලී චම්පික රණවක මහතාට පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?