ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා මහමඟ සිහිසුන්ව ඇද වැටීම ගැන ජනප්‍රිය ගායන ශිල්පී දයාන් විතාරණ තැබූ සටහන

ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා ශරීර සුවතාව සඳහා ඇවිද යමින් සිටියදී මහමඟ ඇදවැටීම හේතුවෙන් මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ ගැන ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා..

උපාලි ජයසිංහ හිතවතාණන්ට ඉක්මන් සුව අත්වේවා…

සීමාසහිත ඩී. පී. ජයසිංහ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ, ප්‍රකට ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ ස්වාමියා වන ප්‍රසිද්ධ ව්‍යාපාරික උපාලි ජයසිංහ මහතා ඊයේ සවස් යාමයේ වූ හදිසි අනතුරක් හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.

ශරීර සුවතාව සඳහා සවස් යාමයේ ඇවිදිමින් සිටියදී මහා මාර්ගයේ ඇද වැටීමෙන් සිදු වූ අනපේක්ෂිත අනතුරක් නිසාවෙන් රෝහල් ගත කරනු ලැබූ ඔහු මේ වන විට පැවති තත්ත්වයට වඩා යහපත්ව සුවය ලබමින් සිටින බව වෛද්‍යවරුන්ගේ නිගමනයයි.

කෙසේ නමුදු මේ මොහොතේ සබීතා ඇතුළු පවුලේ සමීපතමයන් ඔහුගේ සුවය වෙනුවෙන් වෙහෙසන බැවින් ඔවුන් අමතමින්, විමසමින් තතු විමසනු වෙනුවට අප සියලු දෙනා අප අදහන ආගම ධර්මයට අනුව හිතවත් උපාලිට තෙරුවන් සරණින් ඉක්මන් පූර්ණ සුවයම අත්වේවායි පතමු.

එමෙන්ම මෙවැනි මොහොත ඇතැම් සමාජ මාධ්‍ය ඇතුළු අයහපත් මාධ්‍ය ජාලාවල සිටින වගකීම් විරහිත පිරිස් විසින් ප්‍රචාරය කරන දෘෂ්‍යමාන ආරංචිවලට නොරැවටෙන මෙන් ද ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

මට ද බෙහෙවින් සබීතා මෙන්ම උපාලි ජයසිංහයන් ද හිතෛෂී කෙනෙකු වන අතර මම ද මේ මොහොතේ අනන්ත වූ බුදු ගුණ බෙලෙන් ඔහුට ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වේවායි එකසිතින් පතන්නෙමි !!

new

සසැදි පුවත් – ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාගේ තත්ත්වය බරපතලයි

සබීතාගේ සැමියාට අනතුරක් – සියල්ල CCTV කැමරාවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මාධ්‍යයට කිව්ව දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි..
06:30
Video thumbnail
ලංකාවේ ඩීසල් පෙට්‍රල් හිඟයක්ද? CPC එකෙන් සියල්ල හෙළිකරයි
02:45
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35