ප්‍රභාකරන්ගේ මස්සිනාගේ නිවස වටා විශේෂ මෙහෙයුමක්

දෙමළ ජනතා සන්ධානයේ ලේකම් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම්ගේ නිවස හා එය පිහිටි ප්‍රදේශය දැඩි පරීක්ෂාවට ලක් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කර තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා යුද හමුදාවේ හා පොලිසියේ විශාල පිරිසක් පැමිණ තිබෙන බව සඳහන්.

යුද්ධයේදී මිය ගිය පිරිස සමරා උතුරේදී ආරම්භ වන සැමරුම් සතියේ පළමු දිනය වෙනුවෙන් ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා ඔහුගේ නිවස ඉදිරියේ බැනරයක් යොදා ඇති බව සඳහන්.

අනතුරුව එම ස්ථානයේ පහන් දැල්වීමක් ද සංවිධානය කිරීමට ඔහු ක්‍රියා කර තිබෙනවා.

මෙය සැළවීමෙන් පසුවයි ආරක්ෂක අංශ ඔහුගේ නිවස වටා වූ ප‍්‍රදේශය පරීක්ෂාවට ලක් කොට තිබෙන්නේ.

කෙසේ නමුත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ ආරක්ෂක අංශවල කිසි කෙනෙකු සිය නිවස තුළට නොපැමිණි බව යි.

මේ අතර යාපනයේ ආරක්ෂක අංශ නිලධාරියකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබෙන්නේ, හිටපු මන්ත‍්‍රීවරයාගේ නිවසේ සිට රාත්‍රී කාලයේ විශාල පිරිසක් මුලතිව් බලා රිය පෙරහැරකින් ගමන් කිරීමට කටයුතු යොදා ඇති බවට තොරතුරක් ලැබුණු බවයි.

එම තොරතුර මත එම ක‍්‍රියාව කොවිඩ් මර්දන නීතිවලට පටහැනි නිසා ඔහුගේ නිවස ආසන්නයේ ආරක්ෂක අංශ රැඳී සිටි බවද ඔහු පවසා තිබෙනවා.

එම්.කේ. සිවාජිලිංගම් යනු එල්ටීටීඊ නායක ප්‍රභාකරන්නේ ඥාතියෙකු ද වනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51