spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රභාකරන්ගේ මස්සිනාගේ නිවස වටා විශේෂ මෙහෙයුමක්

දෙමළ ජනතා සන්ධානයේ ලේකම් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම්ගේ නිවස හා එය පිහිටි ප්‍රදේශය දැඩි පරීක්ෂාවට ලක් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කර තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා යුද හමුදාවේ හා පොලිසියේ විශාල පිරිසක් පැමිණ තිබෙන බව සඳහන්.

යුද්ධයේදී මිය ගිය පිරිස සමරා උතුරේදී ආරම්භ වන සැමරුම් සතියේ පළමු දිනය වෙනුවෙන් ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා ඔහුගේ නිවස ඉදිරියේ බැනරයක් යොදා ඇති බව සඳහන්.

අනතුරුව එම ස්ථානයේ පහන් දැල්වීමක් ද සංවිධානය කිරීමට ඔහු ක්‍රියා කර තිබෙනවා.

මෙය සැළවීමෙන් පසුවයි ආරක්ෂක අංශ ඔහුගේ නිවස වටා වූ ප‍්‍රදේශය පරීක්ෂාවට ලක් කොට තිබෙන්නේ.

කෙසේ නමුත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ ආරක්ෂක අංශවල කිසි කෙනෙකු සිය නිවස තුළට නොපැමිණි බව යි.

මේ අතර යාපනයේ ආරක්ෂක අංශ නිලධාරියකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබෙන්නේ, හිටපු මන්ත‍්‍රීවරයාගේ නිවසේ සිට රාත්‍රී කාලයේ විශාල පිරිසක් මුලතිව් බලා රිය පෙරහැරකින් ගමන් කිරීමට කටයුතු යොදා ඇති බවට තොරතුරක් ලැබුණු බවයි.

එම තොරතුර මත එම ක‍්‍රියාව කොවිඩ් මර්දන නීතිවලට පටහැනි නිසා ඔහුගේ නිවස ආසන්නයේ ආරක්ෂක අංශ රැඳී සිටි බවද ඔහු පවසා තිබෙනවා.

එම්.කේ. සිවාජිලිංගම් යනු එල්ටීටීඊ නායක ප්‍රභාකරන්නේ ඥාතියෙකු ද වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?