ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් පිරිසක් නිරෝධායනයට..

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු,එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ සේවිකායන් දෙදෙනෙකු නේවාසිකාගාරය තුලම ස්වයං නිරෝධානයට යොමු කර එම නේවාසිකාගාරයේ රෝගි ලක්ෂණ මතු වු සිසුවියන් දෙදෙනෙකු (20) දින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

එම පාසලේ 10 ඒ සහ 11 ඒ වසර වල අධයාපනය ලබන සිසුවියන් දෙදෙනෙකුයි මෙසේ රෝහල් ගත කරනු ලැබුවේ.

ඉන් එක් සිසුවියකට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි සුව වු සිසුවියක් බවත් , එම සිසුවිය මොරටුව ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

රෝහල් ගත කල අනෙක් සිසුවිය මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත්, එම සිසුවිය (12) දින පාසලේ නේවාසිකාගාරය වෙත පැමිණ ඇති බවත්, එම සිසුවියන් දෙදෙනා (18,19) යන දෙදින තුල පාසලට ගොස් ඇති බවට තොරතුරු සනාථ කරගෙන ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

නේවාසිකාගාරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කරන බවත්, රෝහල් ගත කල සිසුවියන් දෙදෙනා අධ්‍යාපනය ලැබු පන්ති කාමර වල සිසු සිසුවියන්ද ස්වයං නිරෝධානයට යොමු කර මුළු පාසලම සහ නේවාසිකාගාරය විෂබිජහරණය කිරිමට කටයුතු කරන බවද හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එම් මැදවෙල මහතා වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Lankacnews



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42