ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට අද (06) දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු-මැද පළාතෙත් වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ
01:10
Video thumbnail
ජන වරමට හිස නවන්න බෑනේ - ආණ්ඩුව කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්
03:55
Video thumbnail
ම#ණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක් - නීතිඥයා මාධ්‍යට කියූ දේ
01:50
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26