ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. 

අද (06) දහවල් 12.09 ට පමණ කොස්ගොඩ, තවලම, දෙනියාය, පනාමුරේ සහ උඩමත්තල ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ - බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන්
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45
Video thumbnail
සභාව දැක්කම ලාල්කාන්තත් පුදුම වෙයි ?"මේ සභාව කාන්තා සමුළුවක් වගේනේ.."මට සතුටුයි කාන්තාවෝ ඉන්න එකට
09:00
Video thumbnail
මිනිස්සුන්ව වලපල්ලට දාලා ආණ්ඩු බලය රැකගන්න හදන්නේ
04:26
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52