ප්‍රෙෂර් කුකරයෙන් ගසා පෙම්වතියව ඝාතනය කරලා

29 හැවිරිදි තරුණයෙක් තම පෙම්වතියට පීඩන උදුනකින් (Pressure Cooker) පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සෙනසුරාදා පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක දී මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා වසර දෙකක පමණ කාලයක සිට බැංගලෝරයේ කුලී පදනම මත ලබාගත් නිවසක එකට ජීවත්ව ඇති අතර, ඔවුන් විද්‍යාලයේ සිට එකිනෙකා හඳුනන බවයි අනාවරණය වී ඇත්තේ.

24 හැවිරිදි දේවා නමැති තම පෙම්වතිය තමන්ව රවටන බවට ඇතිවූ සැකයක් මත දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බවට ද මේ වනවිට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

එලෙස පසුගිය සෙනසුරාදා දෙදෙනා අතර ඇති වූ ආරවුලක් අතර තුර මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනයෙන් පසු පෙම්වතාවන වෛෂ්නව් පළාගොස් ඇති බව සඳහන්.

තරුණියගේ සොහොයුරිය විසින් ලබාගත් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීමත් හේතුවෙන් ඔවුන් පිළිබඳව සොයාබලන ලෙස දේවාගේ අසල්වැසියාට ඇමතුමක් දී පවසා තිබෙනවා.

ඒ, අනුව අසල්වැසියා පැමිණ කළ විමසීමේ දී මෙම අපරාධය පිළිබඳව අනාවරණය වී ඇති අතර, ඒ වනවිටත් වෛෂ්නව් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පොලිසිය ඔහුව ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20