ප්‍රමිතියෙන් බාල එන්නත් ආනයනය කළ සමාගම් හිමිකරු රිමාන්ඩ්

ප්‍රමිතියෙන් බාල ඉමියුනෝ ග්ලෝබියුලීන් එන්නත් කුප්පි මෙරටට ආනයනය කළ බව කියන සමාගමේ හිමිකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.