ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අවදානමක් නැහැ

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා ආසන්න ඉන්දියානු සාගර කලාපයේ රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව තිබෙනවා.

අද (27) පෙරවරු 10.26ට මෙම භූ කම්පනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.