spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රබල ඕස්ට්‍රේලියාවට තීරණාත්මක සිව්වන එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත එක්දින තරග මාලාවේ සිව්වන තරගය අද (21) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය මේ වනවිට තරග දෙකට එකක් ලෙස ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

මේ අතර තරගවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත අතර පසුගිය තරගයේ දී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් අද තරගය සඳහා එක්වන බවයි දැනගන්නට ලැබුණේ.

මේ අතර අද තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරණ භූමිකාවේ එක් වගකීමක් නිරෝෂන් දික්වැල්ලට පැවරෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දෙවන තරගයේ පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් තුන්වන තරගය අහිමි වී ගිය දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අද තරගයට එක්වීමත් අවිනිශ්චිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාව තරග 05කින් සමන්විත එක්දින තරගාවලියක් අවසන් වරට ජයගෙන ඇත්තේ මීට වසර 08කට පසු වීම විශේෂත්වයක්.

ඒ, 2014 වසරේ දී එංගලන්තයට එරෙහිවයි.

අද තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වුවහොත් එය වාර්තා අතරට එක් වන්නේ වසර 08කට පසු ශ්‍රී ලංකාව ජයගත් තරග 05කින් සමන්විත පළමු එක්දින තරගාවලිය ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?