ප්‍රබල ඕස්ට්‍රේලියාවට තීරණාත්මක සිව්වන එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත එක්දින තරග මාලාවේ සිව්වන තරගය අද (21) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය මේ වනවිට තරග දෙකට එකක් ලෙස ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

මේ අතර තරගවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත අතර පසුගිය තරගයේ දී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් අද තරගය සඳහා එක්වන බවයි දැනගන්නට ලැබුණේ.

මේ අතර අද තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරණ භූමිකාවේ එක් වගකීමක් නිරෝෂන් දික්වැල්ලට පැවරෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දෙවන තරගයේ පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් තුන්වන තරගය අහිමි වී ගිය දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අද තරගයට එක්වීමත් අවිනිශ්චිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාව තරග 05කින් සමන්විත එක්දින තරගාවලියක් අවසන් වරට ජයගෙන ඇත්තේ මීට වසර 08කට පසු වීම විශේෂත්වයක්.

ඒ, 2014 වසරේ දී එංගලන්තයට එරෙහිවයි.

අද තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වුවහොත් එය වාර්තා අතරට එක් වන්නේ වසර 08කට පසු ශ්‍රී ලංකාව ජයගත් තරග 05කින් සමන්විත පළමු එක්දින තරගාවලිය ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20