ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (27) රාත්‍රී 11.30 දක්වා මෙම නිවේදනය වලංගුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද (27) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව නිවේදනය කරනවා.

ගිඟුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්