ප්‍රදේශ රැස්කට සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ .

එමෙන්ම බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.