පළාත් 04කට සහ දිස්ත්‍රික්ක සහ දිස්ත්‍රික්ක 02කට අද වැසි

බස්නාහිර , සබරගමුව ,මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයයේ සඳහන්.

එමෙන්ම වයඹ පළාතේද සුළු වැසි තත්වයක් ඇති වන බවයි පැවසෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, බස්නාහිර, වයඹ පළාත්වවලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 40ත් 50ත් අතර තද සුළං හැමීම සිදුවන බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.

තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.