spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළාත් හතරකට අද ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වලත් මොණරාගල, මන්නාරම සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලත් අද (08) පස්වරු 2.00න පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව අද (08) දින දහවල් 12:12 ට මාරවිල, පොතුහැර, ගුරුකැටේ, කල්මුණේ, ගර්තලවෙල සහ වරාපිටිය යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?