මැතිවරණය සැලසුම් කළ පරිදි පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට අවසර ලබාදී තිබෙනවා.

ඒ මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදීයි.

මේ අතර මැතිවරණ කොමිසම අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙමින් කියාසිටියේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේ දී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවයි පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු අධිකරණය හමුවේ සඳහන් කළේ.

ඉන් අනතුරුව එම ප්‍රතිඥාව සටහන් කර ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් දෙකේ විභාගය අවසන් කිරීමට තීන්දු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14