spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණය සැලසුම් කළ පරිදි පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට අවසර ලබාදී තිබෙනවා.

ඒ මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදීයි.

මේ අතර මැතිවරණ කොමිසම අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙමින් කියාසිටියේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් අද කැදවු අවස්ථාවේ දී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවයි පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු අධිකරණය හමුවේ සඳහන් කළේ.

ඉන් අනතුරුව එම ප්‍රතිඥාව සටහන් කර ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් දෙකේ විභාගය අවසන් කිරීමට තීන්දු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?