පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද දින දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලවැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ. හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54