පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර පළාතෙත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද එම නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17
Video thumbnail
🔴Breaking News
02:11
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38