spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළාත් කිහිපයකට අදත් වැසි – බස්නාහිර සහ සබරගමුවට මිලි මීටර් 100ක තද වැසි

නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල අද (08) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම උතුරු මැද පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

සෙසු ප්‍රදේශවල අද (08) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අම්පාර, මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?