spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළාත් කිහිපයකට අදත් තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (30) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

එමෙන්ම අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේනතුව කියා සිටියේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තදසුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට කටයුතු කරන ලෙස ද එම දෙපාර්තමේනතුව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?