පළමු වරට සංවිධානය කළ කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සුහද ක්‍රිකට් තරගාවලිය

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලිය ඊයේ (25) පැවැත් වුණා.

රාජගිරිය – මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගාවලියට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් එක්ව සිටියා.

ජනමාධ්‍ය හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන තරගාවලියේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගීව සිටියා.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කලම්බෝ රයිඩර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

වසර 25කට වැඩි කාලයක් ප්‍රදේශීය මාධ්‍යවේදීන් ලෙස කටයුතු කර ප්‍රවීණ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ සේවය අගයමින් ඔවුන්ට ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් විශේෂ උපහාර පිරිනැමීමක් ද මෙහිදී සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?