පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් එළියට ආපු අලුත්ම කතාව මෙන්න

වේල්ලවීදියේ බෑගයකින් සිරුර හමුවූ තරුණියගේ හිස සිරුරෙන් වෙන්කර ඇත්තේ, ඇය ඝාතනය කිරීමෙන් පසුව බවට, පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. මේ අතර අදාල තරුණියගෙන් ලබාගත් DNA සාම්පල, ඇයගේ මවගේ සහ සහෝදරයාගෙන් ලබාගත් DNA සාම්පල සමඟ සිදුකළ පරීක්ෂණවලදී සැසදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ අද සඳහන් කළා.

පසුගිය මාර්තු 01 වන දා කොළඹ – වේල්ල වීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක් තුළ තිබී මෙම මළ සිරුර සොයා ගැනුණු අතර, පසුව අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලීසිය සමත් වුණා.

කෙසේ නමුත්, කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම කල් දමනු ලැබුවේ හිස කොටස නොමැතිවීම හේතුවෙන්. කෙසේ වෙතත්, අදාළ කාන්තාවගේ හිස මෙතෙක් සොයාගෙන නොමැති අතර DNA පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමත් සමඟ අදාළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි. මේ අතර තරුණිකයක ඝාතනය කර ඇගේ හිස නොමැති මළ සිරුර වේල්ලවීදියට ගෙනවිත් දැමූ උප පොලිස් පරීක්ෂකවරයා පිටෙහි එල්ලා ගෙන සිටි බවට සැක කෙරෙන බෑගය පුළුස්සා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේදී අදාළ බෑගය පුළුස්සා ඇති බවටයි.

බෑගයට අමතරව උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට නිවසට පැමිණි අවස්ථාවේ හැද සිටි ටී-ෂර්ටය ද පුළුස්සා ඇති බවට මීට පෙර අනාවරණ වී තිබුණා. එමෙන්ම, ඉදිරි දින කිහිපය තුළ දී ද උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09